~~චූටී හැඩකාරයාගේ තොටිල්ල~~
සොයන්න
Tuesday, February 14, 2012
Friday, February 10, 2012
Thursday, February 09, 2012
Sunday, February 05, 2012
ජීවත්වෙන්න උත්සහයක්.............!
ළඳුනේ......ළඳුනේ......
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ....ළඳුනේ.....
දොනෝ දාහක් අත ගත්තද
සැමියෙකු නැති ළඳුනේ.....
නෑයෙක් නෑකම් නොකියන
වීදී සරන ළඳුනේ....ළඳුනේ....
තෙල්මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමන් වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ....ළඳුනේ.....
බුදුන් දැක නිවන් දකිමැයි
දෙවුරම යන පාර අහන
ඔබද පටාචාරවකි....
ඔබද කිසා ගෝතමියකි......
පිරිමින්ගේ පාපකඳට
දෝස විදින ළඳුනේ
අඳුරෙ පව් කරන දනා
එලියේ රවන ළඳුනේ.....
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ.....
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ......
අමරසිරි පීරිස් මහතා ගායනා කරන මෙම ගීතය බොහෝ මිනිසුන් අතර ජනප්‍රිය ගීතයකි.එහෙත් ගීතයකට පමණක් සීමා නොවී ඒ තුළින් අවබෝධයෙන් බැලු කල ඝනිකාව,වෙසඟන,ජරා ගෑනී,වෙස ගෑනී නමින් අපි නම් කරන මෙම යුවතියන් කරන්නේද තම බඩ වියත රැකගැනීමකි.ජීවත්වීමට අරමුණක් ඔවුනටද ඇත.එහෙත් අද සමාජය විසින් එය අප්‍රසන්න ලෙස නෙත් යොමු කිරීමක් කර ඇත.ලෝක ප්‍රසිද්ධ ඉතාලි සිනමා සිත්තමකදී මා දුටු සිද්ධියක් මෙ සඳහා මා පදනම් කරගෑනීමකට ලක්කරමි.නමින් මලීනා නම් වූ ඇය යුද්ධයේදී තම සැමියා අතුරුදහන්ව හුදකලාව දිවි ගෙවන යුවතියකි කවදා හො තමසැමියා එනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියත් ඇය තම බඩවියත රැකගැනීමට තම ඇග විකුණයි ඒ යුවතිය නගරයේ කා අතරත් ප්‍රචලිත වීමට ගතවනුයේ බොහෝ ටික කළකි අවසානයේ මුලු නගරයේම මිනිසුන් ඇය දෙස බැලුවෙ අප්‍රසන්වය එහෙත් ඇගේ පාරිභොගිකයෝ ඈ වෙත ඇදීම අත්නොහළේය කෙසේ වෙතත් ඇය සිය බඩ වියත රැකගත්තේ මෙ පාපතරයන්ගෙනි අවසානයේ සිදුවන්නේ උසාවිය මගින් දෙනු ලබන තීරණයක් නිසා ඇය නගරයෙන් පිටමන් කිරීමට යෙදිනි සියලු නගරවාසී ගැහුණුන් විසින් ඈ හට පහර දී බැල්ලියක සේ නගරයෙන් එලවනු ලබයි ඒ සියලු ගැහැණුන් ඈ හට පහර දුන්නේ ඉතා කෘර අන්දමිනි පහරදුන් තැනැත්තියන් සියල්ලන්ගෙම ස්වාමි පුරුෂයන් මලීනාගේ පාරිභෝකයන්වීමද ඔවුනගේ කෝපයට හේතුවකි මා මෙම සිදුවීම දෙස බලන්නේ වෙනත් විදිහකිනි තම ස්වාමි පුරුෂයා වෙනත් ගැහැණියක හා ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ කාගේ වරද නිසාද යනු තේරැම් ගත යුතුය තම ස්වාමි පුරුෂයා මෙසේ වෙනත් ගැහැණුන්ගේ පහස ලබන්නේ අනිවාර්්‍යයෙන්ම ස්වකීය බිරිඳගේ වරද නිසාමය ඔවුන්ගෙන් කිසිද සතුටක් නැති නිසා මෙය සිදුවෙ එහෙත් මෙ සඳහා පාදකවන තවද කරුණු ඇත නිතර අඩදබර නොසැලකිලමත්බාවය යන කරුණු පදනම් වෙ අද සමාජය මෙය දකින්නේ අර වෙසගන නමින් නම් දරා සිටින ගැහැණුන් නිසා සිදුවන වරදක් බවයි නැත එය එසේ සිදුවන්නේ අනිවාර්්‍යයෙන්ම තවත් ගැහැණියක් නිසාමය අද දියුණු ලොකයේ විශේෂයෙන්ම යුරෝපයේ මෙය වැඩි තැකීමකට ලක්නොවන වෘත්තිමය වර්ගීකරණයකි එහෙත් යම් රටවල් හා බලන කළ එය විශාල වරදකි එහෙත් මොනයම් දඩුවම් ඒ හා සම්බන්ධව තිබුනත් එය නැවැත්වීමට නොහැක ආගමික වශයෙන් බැලුකළ ආරාබි කරයේ එය තහනම් දෙයකි එහෙත් එම රටවලද ඝනිකා වෘත්තිය ඇත ඩුබායි අබුඩාබි සිංගප්පූරුව වැනි අගනගර වල මෙම වෘත්තිය සඳහා වෙනමම වෙන්වූ වීදී ඇත එහෙත් එම රටවල්ද ඉස්ලාම් ධර්මය මැනවින් ආරක්ෂා කරන රට වල්ය. කවදාවත්ම මෙය නැවැත්විය නොහැක මෙය වෘත්තිමය තත්වයකට අද වර්ගීකරනය වී ඇත. ලෝක පාලන ධර්මයන් විසින් මෙය කෙතරම් නැවැත්වීමට උත්සාහ කළද එය කළ නොහැක
මා දුටු ඇසින් මෙම බ්ලොග් ලිපිය ලියා තබමි ඔබගේ අදහස්ද මා බලාපොරොත්තුවෙමි.
Sunday, January 29, 2012
ජීවන මගේ අපි අතර..........
මිනිසා විසින්ම මිනිසා හට වෛර කරන යුගයක අපි අද දිවි ගෙවන්නේ.බලවතුනගේ පාලන බලයට යටත්ව ,නිදහස් - නිවහල් පාලනයක් නොමැතිව ,වහලුන් සේ නොවුවත් ඒ හා සමාන පසුබිම් තලයක , ශ්‍රීලාංකික අපහට ජීවත්වීමට සිදුව ඇත.කුමක්හෝ අරඹයා ජීවත්වන්නෝ අද නැත.හුස්ම ගැනීමටත් බදු ගෙවිය යුතු කාලයක් අද හෙටම මෙහි නිර්මාණය විය හැක.කුමක් හෝ ක්‍රමයකින් මිනිසා තතන්නනේ මුදලක් සොයාගෙන තම බඩකටත් දරුවන්ගේ බඩ කටත් පුරවා ගෑනිමටයි.ජනකැරළි උද්ඝෝෂන වත්මන් ආණ්ඩුවට ගානක් නැත.හැමදාමත් වගේම එළව එළවා පහර දෙමින් ,වර්ජිකයින් එළවා දැමීමට ඔවුන්ට අවශ්‍යය බලමුලු ඇත. තුන්වන පංතිය නියෝජිතයන්ගේ වර්ජන වල කිසිදු ප්‍රථඵලයක් ඉල්ලු පරිදි සපුරා ගත නොහැකි අවස්ථා එමටයි. ආණ්ඩුවට ෂොපින් යන්නෝ නිසා අසරණයාගේ කුසගිනි නිවන්නට ආණ්ඩුවට අවශ්‍යයද නැත.වර්ජනයේ අවසාන ප්‍රථිඵල බලාපොරොත්තුවන අන්දමට ඉෂ්ඨ සිද්ධවන්නේ නැත ඒකාන්තයෙන්ම සිදුවන දෙයක් ඇත ඒනම් තුන්වන පංතිය තවත් පහතට ඇද වැටීමක් පමණයි පැදුරෙන් බිමට වැටුනාට පසු යන්න එන්නට
වෙන තැනක් නැත.
Subscribe to:
Comments (Atom)




