සොයන්න

Sunday, January 29, 2012

ජීවන මගේ අපි අතර..........

මිනිසා විසින්ම මිනිසා හට වෛර කරන යුගයක අපි අද දිවි ගෙවන්නේ.බලවතුනගේ පාලන බලයට යටත්ව ,නිදහස් - නිවහල් පාලනයක් නොමැතිව ,වහලුන් සේ නොවුවත් ඒ හා සමාන පසුබිම් තලයක , ශ්‍රීලාංකික අපහට ජීවත්වීමට සිදුව ඇත.කුමක්හෝ අරඹයා ජීවත්වන්නෝ අද නැත.හුස්ම ගැනීමටත් බදු ගෙවිය යුතු කාලයක් අද හෙටම මෙහි නිර්මාණය විය හැක.කුමක් හෝ ක්‍රමයකින් මිනිසා තතන්නනේ මුදලක් සොයාගෙන තම බඩකටත් දරුවන්ගේ බඩ කටත් පුරවා ගෑනිමටයි.ජනකැරළි උද්ඝෝෂන වත්මන් ආණ්ඩුවට ගානක් නැත.හැමදාමත් වගේම එළව එළවා පහර දෙමින් ,වර්ජිකයින් එළවා දැමීමට ඔවුන්ට අවශ්‍යය බලමුලු ඇත. තුන්වන පංතිය නියෝජිතයන්ගේ වර්ජන වල කිසිදු ප්‍රථඵලයක් ඉල්ලු පරිදි සපුරා ගත නොහැකි අවස්ථා එමටයි. ආණ්ඩුවට ෂොපින් යන්නෝ නිසා අසරණයාගේ කුසගිනි නිවන්නට ආණ්ඩුවට අවශ්‍යයද නැත.වර්ජනයේ අවසාන ප්‍රථිඵල බලාපොරොත්තුවන අන්දමට ඉෂ්ඨ සිද්ධවන්නේ නැත ඒකාන්තයෙන්ම සිදුවන දෙයක් ඇත ඒනම් තුන්වන පංතිය තවත් පහතට ඇද වැටීමක් පමණයි පැදුරෙන් බිමට වැටුනාට පසු යන්න එන්නට
වෙන තැනක් නැත.

No comments:

Post a Comment